1917 පළමු ලෝක යුද්ධය අතරමැද

1917 පළමු ලෝක යුද්ධය අතරමැද

මේ ළඟදි දවසක් මට යාලුවෙක් කිව්වා මට මේක බලන්න උනේ බාගයයි කියල. ඇත්තටම එයා ඒක හරියට තේරුම් අරගෙන නෑ.සමහරවිට ඔහුගේ මනස කලබලකාරී ඇති.
2020 ආපූ FATIMA චිත්‍රපටිය...මේක ටිකක් සාවදානව ඇත්තම සන්සුන්ව බලන්න ඕන එකක් මොකද ගොඩක් වෙලාවට තේරුම් ගන්න බැරි අභිරහස් සහ සැඟවුණු අර්ථයන් මේක ඇතුළේ තියෙනවා. හැබැයි මේකෙ උද්යෝගිමත් වගේම කුතුහලය දනවන චිත්‍රපටියක්.
මම හිතන්නේ චිත්‍රපටිය දෙතුන් වතාවක් බැලුවත් පාඩු නෑ.

1917 පළමු ලෝක යුද්ධය අතරමැද මිනිසුන් බඩගින්න ,ආර්ථිකය කඩා වැටීම, තනිකම වගේ දේවල් වලට පුරුදු වෙලා හිටියා ඒත් ඊට වඩා විශාල භයානක අත්දැකීමකට එයාලා මුහුණ දුන්නා. ඒ තමන් ආදරේ කරන අය ඔවුන්ට නැතිවීම. ඒකට හේතුව තමයි. ඒ කාලය වන විට ගෙදර ඉන්න වැඩිමහල් තරුණයාව යුද්ධයට සොල්දාදුවෙකු වශයෙන් අනිවාර්යයෙන්ම යැවිය යුතුයි.
බොහෝ අම්මලා තමන්ගේ දරුවා පණ පිටින් ගෙදර එනකම් බලාගෙන ඉන්නවා.

මේ වගේ බිහිසුණු භයානක කාලවකවානුවක තමයි ඇය මේ පෘතුවිතාලයට පය තබන්න තීරණය කරන්නේ. යුද්ධය කියන්නේ මිනිස්සු විසින්ම ඇති කර ගත්තු දෙයක් නමුත් මිනිස්සු බලාගෙන හිටියේ දෙවියන් වහන්සේ මැජික් එකක් පෙන්නලා යුද්දේ හැමෝගෙන්ම නතර කරයි කියලා. නැහැ දෙවියන් වහන්සේට අවශ්‍ය වෙලා තිබ්බේ මිනිස්සුන් විසින් ඇතිකරගත් යුද්ධය ඔවුන් විසින්ම නවතනවා දකින එක.

මේකට අවශ්‍ය පිළියම් අරගෙන දේව මෑණියන් යුද්දෙ කියන්නේ මොකක්ද කියලවත් හරියට දන්නේ නැති සෙල්ලම් කර කර ඉන්න පොඩි ළමයි තුන්දෙනෙක් ළඟට එනවා. හැබැයි අද වෙද්දි මේ ළමයි තුන්දෙනා මුළු ලෝකයම අවුළුවන තරමට ඒ පණිවිඩය ව්‍යාප්ත කරලා.

මේ ළමයින්ගේ ගෙවල්වලත් වැඩිමහල් සහෝදරයා හිටිය යුද්දෙට ගිහිල්ලා. ගෙදර අනිත් අයගේ අවධානය තිබ්බේ ඒ පුද්ගලයා ගැන නැතුව පොඩි අය ගැන නෙමෙයි. ඒ නිසා බාල ළමයි බොහෝ වෙලාවට ආදරේ කියන දේ තුළ තනිකමකින් හිටියා. දේව මෑණියන්ගේ පැමිණීමත් සමඟ සමහර අය හිතුවේ මේ එයාලා හිතින් මවා ගත්ත ලස්සන අම්මා කෙනෙක්ගේ රූපයක් කියලා. මේ කොච්චර සරල උනේ නෑ කෝලහාල, ජනතා මර්දනය කිරීම්, සිරගත වීම් මේ හැම දේකටම මුහුණ දෙන්න පාතිමා නගරයට සිදුවෙනවා...

විශේෂම දේ තමයි මේ චිත්‍රපටයේ අවසන් දර්ශනය. ඉතාමත් අධික ජනකායක් ඉදිරියේ එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවූ මිනිස් මනසින් ග්‍රහණය කර ගන්නට අමාරු සූර්යයාගේ චලනය.

තව දෙයක් කියන්න ඕනේ. මේ චිත්‍රපටියේ හැබැයි පාතිමාවල සිදුවුණු හැම විස්තරයක්ම අන්තර්ගත වෙලා නෑ. ඔයා මේ චිත්‍රපටි බලනවනම් 1917 පාතිමාවේ සිදුවුනු සිදුවීම් ගැන හොයලා බලලා බැලුවනම් හොඳයි මොකද සමහර තැන් අපි තේරුම් ගන්න ඒ කතාව ටිකක් දැනගෙන ඉන්න ඕනෙ වගේ එකකුත් තියෙනවා.

උදාහරණයක් විදිහට චිත්‍රපටියක තැනක තියෙනවා දේවමාතාවන්ගේ හදවතින් ලේ ගලාගෙන යන තැනක්. මේක ගැන චිත්‍රපටිය පෙන්නනවා විතරයි ඇත්තටම ඒක අපි තේරුම් ගන්න ඕන මොකද සවිස්තරාත්මකව කියනවනම් එතනින් පෙන්නන්නේ මිනිසුන්ගේ යුද්ධයේ බිහිසුණුකම වගේම මිනිසුන්ගේ අධික පාපතර ක්‍රියාවන් දෙවියන් වහන්සේට කරන අපහාසයන් නිසා ඇයගේ හදවත ඉන්න එන්නම තුවාල වන බවයි. එය නවතා දැමීමට අප විසින් කළ යුතු දේවලුත් යැයි පවසා තියෙනවා.

මම හිතනවා කියනවට වඩා ඔයා අන්තිම වෙනකන් සන්සුන්ව බැලුවනං හොඳයි කියලා. ඒවගේම තමයි වෙන චිත්‍රපටිවල වගේ දේව මෑණියෝ නිකන් එළියක් වගේ නෙමෙයි මේකේ ඉන්නේ ඇත්තටම අපි අතර අපෙන් කෙනෙක් වගේ අපි සමගම ඉන්නවා.

යහපත සහ අයහපත අපි අතරමයි කියන දේ වගේම සමහර යහපත් දේවල් ඇතුලේ සාතන් සැඟවිලා ඉන්න බවත් සමහර අයහපත් වකවානු තුළින් යහපත ලෝකයට ගෙන එන බවත්. මේ චිත්‍රපටියෙන් අපිට හොඳට පෙනවා.

Full movie :- https://youtu.be/xlIC5tdoX84?si=c9zpt52xBCfPacFr

චිත්‍රපටිය බලලා ඔයාලගේ අදහස් comment කරන්න.