මරියා... නිකන්ම නිකන් මරියා

මරියා... නිකන්ම නිකන් මරියා

මරියා... නිකන්ම නිකන් මරියා

"ඒ කියන්නේ එයා දේව මාතාව හින්දා කිසි කෙනෙක් එක්ක ලිංගික සම්භන්ධකම් පවත්වලාත් නෑ"
"එයා විවාහ බස් දීලා තිබුනේ යෝසප්ට පොල් ගාන්නද?"
"ඉතින් දෙව් මවුනම් ඇයි කසාද බදින්නේ?"
"කසාදයක් ඕනේ පව්කාරකම ඇගේ තියාකොටනේ?"


ඔව් මෙ දේවල් දකින්න පුලුවන් උනේ මූලදර්මවාදී පිරිසක් සමග දවසක තිබූ සංවාදයකින් ඉතින් ඇත්තටම කවුද මේ ගෑනුකෙනා , නිකන්ම නිකන් පව්කාරකමට කසාද බැන්දාද?කවුද මේ ගෑනු කෙනා
මොනාද මේ ගෑනුකෙනා කරන්නේ, ඇයි මේ ගෑනුකෙනාට මෙච්චර මේ මිනිස්සු ආදරේ

ඔව් ඔව් ඒ ගෑනුකෙනා එහෙම නැත්තන් මරියා

තව දරුවෝ හිටියලු
ජේසුගේ අම්මා උනාට දෙවියන්ගේ අම්මා නෙවේලු
පව්කාරයිලු
නිකන්ම ගෑනුකෙනෙක්ලු

ඉතින් මරියාට තව දරුවෝ හිටියාද?

ඔව් මරියාට තව දරුවෝ හිටියා සහ ඉන්නවා

උත්පත්ති 3:15
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
පලවෙනිම ස්ත්‍රීය ඒව නේ, ඔන්න දෙවියන්වහන්සේ සහ ස්ත්‍රීය අතර ඇතිවෙන පලවෙනිම සිද්දිය .

ඊටපස්සේ ,
‭ශුද්ධවර ලූක් 1:26
සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ,දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.
දෙවියන්වහන්සේ සහ ස්ත්‍රීය අතර සිද්ධිය තව අඩියක් ඉදිරියට එනවා , ජේසු කියන අලුත් ආදම් නිසාවෙන් මිසක කවදාවත් මරියා එයාගේ තියන විශේෂත්වයක් නිසාවෙන් දේවත්වය සමග සම්බන්ධ උනේ නැහැ,

එතකොට ජේසු කියන්නේ මරියාගේ පලවෙනි දරුවා .
‭ශුද්ධවර ලූක් 2:7
"ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය."

කුලුදුල් දරුවා කියන්නෙ පලවෙනි දරුවා කියන දෙය, ජුදා සම්ප්‍රධාය අනුව පලවෙනි දරුවා දෙවියන්වහන්සේට කැපවෙනවා, ඊටපස්සේ කොතනකවත් මරියාගේ වෙන දරුවෝ ඉන්නවා කියලා දේව වචනයේ ජේසු කුරුසගත වෙනකන් සදහන් වෙන්නේ නැහැ, ඔව් ඔව් කානා නුවර විවහ මංගල්ලේදී , අර ජේසු මෑණියෝ සහෝදරයෝ කවුද කියලා කියද්දි , සදහන් කරන්නේ ජේසුගේ මෑණියන් සහ සහෝදරයන් මිසක් මරියාගේ අනෙක් දරුවන් කියලා නෙවෙයි,

මොකද සහෝදරයෝ කියලා සදහන් වෙන තැන භාවිතා වෙන ග්‍රික වචනය adelphoi(ἀδελφοὶ)
හරි අපි තවත් ටිකක් බලමුකෝ
‭ශුද්ධවර මතෙව් 13:55
"මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද? "
ඔතනදි පාවිච්චි වෙන වචනය ἀδελφοὶ

‭ගලාති 1:2
"මා සමඟ සිටින සියලු සහෝදරවරු ද මම ද ගලාතියේ සියලු ක්‍රිස්තියානි සභාවන්ට ආචාර කරමු. "

මෙතනදි පාවුළු තුමා පාවිච්චි කරලා තියෙන්නෙත් ἀδελφοὶ කියන වචනය.. එතකොට පාවුලු තුමාටත් මේ හැමදෙනාම ජීව විද්‍යාත්මක සහෝදරයෝ වෙලාද??


‭හරි දැන් අපි බලමු මරියාගේ අනිත් දරුවො කවුද කියලා

‭ශුද්ධවර ජොහන් 19:26-27
"එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය."
ප්‍රේමකළ ශ්‍රාවකයා, පොදුවේ ගත්කල ඒ ශ්‍රාවකත්වය ජේසුගේ ආදරය පිලිගන්න , ජේසුගේ දහම පිලිපදින හැමෝටම පොදු දෙයක් ,

‭ශුද්ධවර ලූක් 8:21
"එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක. "

ශු.ලියවිල්ල පිලිබදව දැනුමක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා මරියාවන් තරම් ඒ දේව වචනයේ වෙන දාසියක් නැහැ කියන එක , ඒකත් එක්කම ක්‍රිස්තු දහම පිලිපදින සියල්ලෝම ජේසුගේ සහෝදරයෝ වෙනවා , සරලවම මරියාගේ දරුවෝ වෙනවා , මරියා තුල තියන දෙයක් නිසා නෙවෙයි නමුත් ජේසු මරියාට දුන්න ගෞරවය නිසාවෙන් හැමෝම එතුමියගේ දරුවෝ වෙනවා.

"ඒ කියන්නේ එයා දේව මාතාව හින්දා කිසි කෙනෙක් එක්ක ලිංගික සම්භන්ධකම් පවත්වලාත් නෑ" මේ වගේ මූලදර්මවාදී සහ අන්තවාදී අදහස් දරන ඒ මූලදර්මවාදී සහෝදරයාගෙන් මං අහන පළවෙනි ප්‍රශ්නය තමයි මරියාවන් ලිංගික සබදතා පවත්වලා තවත් දරුවන් හිටියානම්

‭ශුද්ධවර ලූක් 2:41-42
%ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ."

#ඇයි_මෙතනදි_කියන්නේ_නැත්තේ_තව_දරුවෝ_හිටියා_කියන_එක?

"එයා විවාහ බස් දීලා තිබුනේ යෝසප්ට පොල් ගාන්නද?"

"යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, ‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය. ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. ඇගේ සැමියා ඒ ගැන අසා ඔහු නිහඬ ව සිටිමින් ඈට ඒවා තහනම් නොකෙළේ නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය." (ගණන් කථාව 30:3‭-‬4‭, ‬7‭, ‬11 )
මරියාවන්වහන්සේ ජේසුව පිලිසිදගත්තේ ශුද්ධාත්මානුභාවයෙන්, ඒ වෙද්දිත් තුමී කිසි දෙයක් නොදැන ජුසේතුමාට විවාහ බස් දීලා හිටියේ , මොකද එතුමිය දෙවියන්වහන්සේ නෙවෙයි දේව කැමැත්ත කලින් ඉදන් දැනගන්න, නමුත් එතුමිය ඒ දේව කැමැත්ත මොකක්ද කියලා තේරුන මොහොතේම ඒ දෙයට කීකරු උනා , දේවවචනය අනුව ජුසේ හෙන නිහඩ චරිතයක් ජුසේව විවාහ ගිවිසගෙන ඉද්දි තමයි මරියාට ගාබ්‍රියල් දේවදූතයා මංගලම් කියන්නේ , ඉතින් එතුමිය දේව කැමැත්තට එකඟ වුන නිසාවෙන් ජේසු එහෙම නැත්තන් දෙවියන්වහන්සේ එතුමීගෙ කුසේ පිලිසිදගන්නවා, ජුසේ මේ දේ දැනගන්නවා

ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
( ශුද්ධවර මතෙව් 1:24 )


ජුසේ කවදාවත් දේව කැමැත්තට විරුද්ධ උනේත් නැහැ , ජුසේ මූලදර්මවාදී වචනෙන් කිව්වොතින් පොල් ගෑවෙත් නැහැ, ඔහු මරියාට තියන ගෞරවය සහ ආදරය නිසා ඒ දෙදෙනාවම ශුද්ධ ත්‍රීත්වයේ කැමැත්තට නතු කරන් ජීවත්වුනා...

ශුද්ධවර ලූක් 8:21 "
එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක."

‭ශුද්ධවර ලූක් 1:38
"මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය."

මරියා නිකන්ම නිකන් මරියා දේව වචනයට කීකරු වෙලා( මූලදර්මවාදීන්ට වඩා මරියා දේව වචනයට කීකරු වෙලා....)

"කසාදයක් ඕනේ පව්කාරකම ඇගේ තියාකොටනේ?"
මූලදර්මවාදීන් ඕනෑතරම් මෝඩ කතා කියලා තියනව... හැබැයි මේ වගේ කතාවක් දැක්ක පලවෙනිම අවස්ථාව මේක

මරියාවන්වහන්සේගේ පව්කාරකම ගැන පොඩි ප්‍රශ්නයකින් අවසන් කරනවා

1 ජොහන් 3:5
"ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත."

‭1 වංශාවලිය 13:8-10
"දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ. [9] කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය."


දසපණත් පුවරු, මන්නා තැම්පත් කරපු ගිවිසුම්කරඩුව මනුශ්‍යයෙක් අල්ලද්දි මනුශ්‍යා මැරෙන්න තරම් ශුද්ධවත් උනානම් , සරලවම එක ප්‍රශ්නයයි, දෙවියන්වහන්සේම මනුශ්‍යත්වය ගන්න තෝරගත්තු කුස කොච්චර ශුද්ධවත් වෙන්න අවශ්‍යද ?

(මූලදර්මවාදීන්ගේ විකෘති ඉගැන්වීම් වලට සරල පිලිතුරක්)
Sahan Madushanka