මුල් යුගයේ සිට මරිය බැතිය පැහැදිලි ලෙසම සභාවේ ප්‍රධාන පැතිකඩක්
කතෝලික දේව වන්දනාව මුලිකව කොටස් 2 කට බෙදෙන බවය.එහිදී දිව්‍ය පුජාව,ප්‍රසාද නිධානසහ යාම යැදුම කතෝලික දේවවන්දනාවේ කේන්ද්‍රස්ථානය වන බව සදහන් කල යුතුය.අනිකුත් සියල්ල අයත් වන්නේ භක්ති අභය්‍යාසයන් ටය.
ජපමාල බැතියද එසේමය.දේවමාතා බැතිය සභාව තුළ දීර්ඝ කාලීනව පැවතආවක්ද යන්න සදහා ශුද්ධ ලියවිල්ල පදනම් කරගනිමින් පිළිතුරක් සැපයීම සදහා මෙම ලිපිය තුළින් උත්සහයක නිරත වෙමි.ඒ සදහා මා විසින් පාධක කරගන්නේ ජොහාන් සුභාරංචියයි. ජොහාන් සුභාරංචිය වනාහී අවසාන වශයෙන් රචනා වු සුභාරංචි ග්‍රන්ථයයි.එය ක්‍රි: ව 90 ත් 100ත් අතර රචනා වී ඇත.
එහි සංකේතය වශයෙන් යොදා ගනු ලබන්නේ රාජාඅලියාය.මන්දයත් රාජ අලියා පියාසර කරනු ලබන්නේ ඉතා ගැඹුරු අහසේය.එසේ වන්නේ ජොහාන් සුභාරංචිය ගැඹුරු දේව ධාර්මික ඉගැන්වීම් අන්තර්ගත වන සුභාරංචි කෘතිය වන නිසාය.මෙම සුභාරංචිය ආරම්භ වන්නේ "ලෝගෝස් සංකල්පය හෙවත් ධර්මයාණෝ සංකල්පය" විස්තර කරමිනි."ධර්මයාණෝ" යනු ජේසුස් වහන්සේය.ලෝකාරම්භයේ සිට පැවත එන ජේසුස් වහන්සේගේ දේවත්වය මෙයින් විස්තර වේ.
1 ආරම්භයේ දී, ධර්මයාණෝ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක. ( ජොහාන් 1:1 )
මෙහිදී ධර්මයාණෝ මාංශගතව අප අතර වැඩ විසූ බව ජොහාන් තුමන් පැහැදිලිව පළමු පරිච්ඡේදය තුළ සදහන් කර සිටී.
14 ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
( ජොහාන් 1:14 )
ජේසුස් වහන්සේ නොහොත් ශුද්ධවු ත්‍රීත්වයේ දෙවන තෙම මාංශගත වුයේ මරියතුමියගේ කුස තුළය.ආරම්භයේ සිටම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේවම සිටි බැවින් මරියතුමියගේ කුස තුළ මාංශගත වුයේ "දේව පුත්‍රයාණන්මය."එසේ නම් මරියතුමියට "දේවමාතාවන්" ලෙසට ආමන්ත්‍රණය කිරීම වැරදි සහගත දෙයක් වන්නේ කෙසේද?නමුත් එතුමිය තුළ දේවත්වයක් නොමැති බවද මෙහිදී සදහන් කල යුතුමය. ක්‍රි:ව 189 දී ඉරනේයුස් තුමන් මෙන්ම ක්‍රි:ව 217 දී හිප්පොලිටස් තුමන් යන සභා පියවරුන් විසින් එතුමියගේ දේවමාතෘත්වය තහවුරු කොට ඇත.ක්‍රි:ව 431 දී එෆීස මන්ත්‍රණ සභවේදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමන් විසින්ද තහවුරු කරන ලද්දේ මෙම සතය්‍යතාවමය.එහිදී එතුමිය දෙවිදුන් දැරූ තැනැත්තිය ( තියටකොස් ) වන බව සිරිල් තුමන් ප්‍රකාශ කර සිටියේය.
පළමු පරිච්ඡේදය ජේසුස් වහන්සේගේ දේවත්වය සනාථ කරමින් ආරම්භ කරන ජොහාන් තුමන් විසින් දෙවන පරිච්ඡේදය ආරම්භ කරන්නේ ජේසුස් වහන්සේගේ මෑණියන් පිළිබදව සදහන් කරමිනි.මෙය ක්‍රිස්තු වේදය සහ මරියවේදයේ ඇති ගැඹුරු සම්බන්ධතාවය පිළිඹිබු කෙරෙන අවස්ථාවකි.
1 තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ.( ජොහන් 2: 1 )
මෙහිදී ජේසුස් වහන්සේ විසින් දේවමාතාවන් හට ආමන්ත්‍රණය කරනු ලබන්නේ "ස්ත්‍රිය" ලෙසටය. ( ජොහාන් 2:4 ) ජොහාන් සුභාරංචියට අනුව මෙය ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවාවේ ආරම්භක අවස්ථාවයි.එහි "ස්ත්‍රිය" යන්නට යෙදී ඇති ග්‍රීක වචනය "ගුනේයි" යන්නයි.මෙය දරුවන් සිටි මව්වරුන් හැදින්වීම සදහා භාවිතා කරන ලද ගෞරවාන්විත පදයක් බව සදහන් කල යුතුය.
දෙවන සියවස තුළ ජීවත් වු සභා පීතෘ වරයෙකු වන සාන්ත ඉරනේයුස් තුමන් පවසන ආකාරයට "කීකරුවීමෙන් ඇය ඇයගේ ගැළවීම සහ මිනිස් සංහතියේම ගැලවීම වුවාය."එමෙන්ම මුල් සභා පියවරුන් පවසන පරිදි ඒවගේ අකීකරුකමේ ගැටය ලිහනු ලැබුවේ මරියෝත්තමාවන්ගේ කීකරුකමෙනි. ( ක:ස:ධ 494 )
පුරාණ ගිවිසුම තුළ මැවීමේ දෙවන කතාවට අනුව ආදම්ගේ "සහකාරිය" වශයෙන් ස්ත්‍රිය මවනු ලබන්නේ ආදම්ගේම ඉල ඇටයක් මගිනි.
18 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ''මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි''යි වදාළ සේක.
21 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක.
22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. (උත්පත්ති 2 : 18,21, 22)
මේ ආකාරයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ විසින් වතුර මිදියුසට හරවමින් නව මැවිල්ලක් බිහිකරන විට එහි සහයවන්නිය වන්නේද මරියතුමියයි.ජේසුස් වහන්සේගේ පළමු ප්‍රාථිහාර්‍ය්යේ මැදහත්කාරිය වු ( ජොහාන් 2:5 ) ඇයගේ ඉල්ලීමක් කිසිසේත් ජේසුස් වහන්සේ විසින් ඉවත නොදමන බව ජොහාන් සුභාරංචිය තුළින් පෙන්වා දෙයි.එම අවස්ථාව තමන්ගේ "මොහොත" ( ජොහාන් 2:4 ) නොවුවත් මවගේ ඉල්ලීම ජේසුස් වහන්සේ විසින් ඉවත නොදැමු සේක.
3 මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, ''මිදියුස නැතැ''යි උන් වහන්සේට කී හ.
4 ජේසුස් වහන්සේ ද කතා කොට, ''ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ''යි වදාළ සේක.
5 උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, 'මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ'යි කී හ.
( ජොහන් 2 : 3-5 )
ජේසුස් වහන්සේ විසින් මරියතුමිය "ස්ත්‍රිය"ලෙසට ආමන්ත්‍රණය කරනු ලබන දෙවන අවස්ථාව වන්නේ කුරුස පාමුලය.( ජොහාන් 2:26 ) ජොහාන් 2:4 හි ජේසුස් වහන්සේ විසින් තමන්ගේ "මොහොත" ලෙස ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවය.එනම් ගැලවීමේ ක්‍රියාවලිය සම්පුර්ණත්වයට පත්වු කුරුස පාමුලය.කානා හීදී ජලය මිදියුසට හැරවීම සදහා ඕතුමිය මැදහත්වුවාය.ජේසුස් වහන්සේ විසින් මහ බ්‍රහස්පතින්දා දිනයේදී එම මිදියුස තමන්ගේ රුධීරයට හැරවු සේක.එම රුධීරයෙන් මිනිස් සංහතිය ගැලවීම උදා කරගන්නා විට එතුමිය ජේසුස් වහන්සේ සමග සිටියාය.ක්‍රිස්තුන් වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසාන මොහොත දක්වාම එම ක්‍රියාවලිය තුළ එතුමිය ජේසුස් වහන්සේට "සහයවන්නිය" ලෙසට ක්‍රියා කළාය.මේ නිසා ජේසුස් වහන්සේ නව ගිවිසුම තුළ නව ආදම් ( රෝම 5:15 ) වනවිට මරියතුමිය උත්පත්ති 3:15 සදහන් "ස්ත්‍රිය" හෙවත් "නව ඒව" වීම දේවධාර්මික සතය්‍ය තාවයකි. තවද මෙහිදී තම ප්‍රේමකළ ශ්‍රාවකයා වු ජොහාන් තුමන් හට ජේසුස් වහන්සේ විසින් තමන්ගේ පෙම්බර මෑණියන් මව වශයෙන් භාරදෙනු ලබයි.ප්‍රේමකළ ශ්‍රාවකයා විසින් ඒ මොහෙතේම ඇය තමන්ගේ නිවසට පිළිගත් බවද ජොහාන් සුභාරංචිය තුළ සදහන් වේ.එසේ නම් මරියතුමිය ඉවත දමමින් ජේසුස් වහන්සේගේ ප්‍රේමකළ ශ්‍රාවකයෙකු විය නොහැකි බව ජොහාන් තුමන් පෙන්වා දෙයි.
26 එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ''ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය''යි සිය මෑණියන් හට වදාළ සේක.
27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ''මෙන්න ඔබේ මෑණියෝ ය''යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.( ජොහන් 19 : 26, 27 )
පුරාණ ගිවිසුම තුළ ඒව යනු ජීවමාන සියල්ලන්ගේ මාතාව ලෙස හදුන්වා දී ඇත.( උත්පත්ති 3:20 ) නමුත් ඒව දෙවියන් වහන්සේට අකීකරු විය.ඒ නිසා ජේසුස් වහන්සේ විසින් තම ප්‍රේම කළ ශ්‍රාවකයා වු ජොහාන් තුමන් හට තම පෙම්බර මෑණියන් භාරදීම මගින් සංකේතවත් වන්නේ "විශ්වීය සභාවේ මාතාව" වශයෙන් මරියෝත්තමාවන් ජේසුස් වහන්සේ විසින්ම පත්කරනු ලැබීමයි.මන්දයත් ජේසුස් වහන්සේ මෙලොව ජීවිත කාලය තුළ වඩාත් ප්‍රේමකළේ ස්වකීය සභාවටය.
25 පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.( එපීස 5 : 25 )
එතුමියගේ කුස තුළ ශුද්ධ වු ත්‍රීත්වයේ දෙවන තෙම මාංශගතවීම තුළ එතුමිය දේවමාතාවන් වීම,( ජොහාන් 1:14) එතුමියගේ මැදහත්භාවය ජොහාන් සුවිශේශය ආරම්භයේදීම සදහන් කිරීම.( ජොහාන් 2:5 ) එතුමිය "ස්ත්‍රිය" හෙවත් නව ඒව වීම.( ජොහාන් 2:4 ) සුභාරංචිය අවසානයේදී "සභාවේ මාතාව" වශයෙන් ජේසුස් වහන්සේ විසින්ම දේවමාතාවන් සංකේතාක්මක ලෙස තම ප්‍රේමකළ ශ්‍රාවකයාට භාරදීම සහ ප්‍රේමකළ ශ්‍රාවකයා විසින් ඒ මොහෙතේම දේවමාතාවන් තම නිවසට පිළිගැනීම.( ජොහාන් 2:27 ) යන කාරණාවන් මගින් ක්‍රිස්තුවේදයේ සහ මරියවේදයේ ඇති ගැඹුරු සබදතාවය ගැඹුරු දේවධර්මය අන්තර්ගත වන ජොහාන් සුභාරංචිය මගින් පෙන්වා දෙයි.ඒවා තවදුරටත් 2 වන සියවස වන විට සභාපියවරුන් විසින් සහතික කොට ඉදිරිපත් කිරීම මගින් මුල් යුගයේ සිට මරිය බැතිය පැහැදිලි ලෙසම සභාවේ ප්‍රධාන පැතිකඩක් වු බව පෙන්වා දිය හැකිය.