යක්ශයා කොයියම් ආකාරයකට හෝ...

යක්ශයා කොයියම් ආකාරයකට හෝ...

ඇත්තටම ඔයා මේ film එක දැකල තියෙන්නෙ එක පටු කෝණයකින් විතරයි...මන් එහෙම කියන්න හේතුව , ඔයා හරි කතෝලිකයෙකු විදිහට මේක බැලුවනම් මේක ඔයාට විහිලුවක් වෙන්නෙ නෑ...ඒවගේම මේකෙන් යක්ශයා සහ මරියෝත්තමාවන්ව වෙන වෙන හදුනාගන්න පුලුවන් අවස්තා අපිට පෙන්වනවා...තවත් දෙයක් මේකෙන් ශුද්ධවූ සභාව ඇයි දේවමාතා දර්ශන සියල්ලම පිලිගැනීමට දීර්ඝ පරීක්ෂණ මාලාවක් සහ ඇතැම් ඒව ඉවත් කිරීමට හේතු වන්නෙ කුමක් නිසාද යන්න පිළිබඳව හොද අවබෝධයක් ගන්න පුලුවන් ..

1) මේ චිත්‍රපටයේ අපිට මුල් කොටස් වල දකින්න පුලුවන් වෙනව දිව්‍ය පූජාව අතර තුර තමා ගෑනු ලමයට මුලින්ම දේවමාතාවන් වහන්සේ කතාකරනව ඇහෙන්නෙ...මේ වෙලාවෙ හොදට බැලුවොත් අපිට පේනව දිව්‍ය අභිරස් ආරම්භ කරන්න යද්දිමයි මේ සිද්දිය වෙන්නෙ...මෙතන අපිට කතෝලිකයො හැටියට ලොකු පණිවිඩයක් තියනව..එනම් දිව්‍ය පූජාව හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ උතුම් බවත් ...එම අවස්තාවේදි යක්ශයා කොයියම් ආකාරයකට හෝ අපගේ අවදානය ඔහු වෙතට යොමා ගැනීමට උත්සාහ කරන බවත් අපට පැහැදිලි වෙනවා...තවද දේවමාතාවන්ද දිව්‍ය පූජාව අවස්තාවේදි අල්තාරයේ වැඩ සිටින බව එතුමියම අපට පවසා තිබෙනව...මේකෙන් අපට යක්ශයා සහ දේවමාතාවන්ගෙ වෙනස පැහැදිලි අවබෝධයකින් හදුනාගන්නට පුලුවන් ...

2) අපිට පේනව මේකෙ දේවමාතා ප්‍රතිමාව මේ දර්ශන අවස්තා වල ලේ කදුලු සලනව...නමුත් සැබෑ ජීවිතයෙ වගේ ජනතාවගේ අවදානය මේකට යොමුවෙන්නෑ...ඒකෙන් අපිට පැහැදිලි පනිවිඩයක් දෙනව..එනම් දේවමාතාවන් තමන්ගේ දරුවන් ගේ විනාශය හා යක්ශයා ඔවුන් මුලා කරන බව දැක ඇය දුක් වන බවත්...තම දරුවන් ජේසු ගෙන් ඈත්වන බව දැක ඇය හඩන බවත් අපිට පෙන්වනවා.. එතනින් පැහැදිලි වෙනව දේව මාතාවන් හා යක්ශයා අතර ඇති තවත් වෙනසක්...අපේ මිනිස්සුත් පල්ලිය තුල දේවමාතාවන් ඉද්දිත් දොරවල් වල , බිත්ති වල් හා ගස් ගල් වල රූප මැවුනා කියල ඒ පස්සෙන් දුවනවනෙ..

3) මේ දර්ශන පුරාවටම යක්ශයා ඔහුගේ මහිමය හා ගෞරවය පිනිස කටයුතු කරන බව අපට පේනව..ඒවගේම මේ යක්ශයා සෘජුවම මම මරියා කිය පවසනවා...නමුත් පාතිමා , ලූර්දු වැනි දේවමාතා දර්ශන වල කිසිම තැනක මරිය තුමිය විසින් ඇයව ඇගේ නමින් හදුන්වාදෙන්නෙ නෑ...බොහෝවිට නිර්මල පිළිසිදීම මම වෙමි, ජපමාලයේ ස්වාමිදූව මම වෙමි වැනි සභවේ වේද සත්‍ය තාවයන් තහවුරු කිරීමට අවශ්‍ය සාක්ශිත් සමග ඇය විසින් ම ඇයව අපට හදුන්වා දෙනව...ඒවගේම එතුමිය නිතරම ලෝක සාමය , ජේසුස් වහන්සේගේ මහිමය වැනි දේ උදෙසා යාච්ඤා කරන ලෙසයි අපගෙන් ඉල්ලා සිටියෙ... ඉතින් මේ කොටස් වලින් අපිට හොද ආකාරවම පැහැදිලි වෙනව ශු . සභාව දේවමාතා දර්ශන යන්නන්වාලේ ස්ථීර නොකර බව හා සභාවෙන් ස්ථීර කල සෑම දර්ශනයකටම දේව ධාර්මික පසුබිමක් ඇති බව.

මේ චිත්‍රපටය පුරාවටම මේ වගේ තැන් ගොඩක් තියනවා ...ඉතින් මේ චිත්‍රපටය හරි කතෝලිකයෙකු විදිහට බැලුවනම් මේක ඔයාලට විහිලුවක් නෙමේ..මේක ඔයාලට උදව් වෙනව අවබෝධයක් ඇතුව විශ්වාසය තුල දිගු ගමනක් යන්න...

ඉතින් ඔයත් මේක හරි විදිහට දකින්න..අනික ඔයා මේ වගෙ දෙන පණිවිඩ හරි අවබෝධයකින් දෙන්න..නැත්තම් සමාජයෙන් තවත් බිහිවන්නෙ පුස් කතෝලිකයන් පිරිසක් විතරයි ..
Umal Fernando